තිර පට මදිය ගත සීතල නිවන්නට
සුරඟන මදිය රුව නෙත අස්වසන්නට
පන්සිළු මදිය සුරු දෙසවන පිනන්නට
මේ දුර මදිය සිත තනිකම දැනෙන්නට
ඡායා ලුහුබඳින්නේ අළු තිබෙන තුරා
පායා සඳ දිලෙන්නේ හිරු තිබෙන තුරා
රුවනා රැලි නගන්නේ නල හමන තුරා
සිත් බැමි නොම ලිහෙන්නේ පිරිනිමෙන තුරා
හිඳගෙන සිටිමි ඇකයේ ඉන්නේ නුඹය
සැතපී සිටිමි තුරුලේ ඉන්නේ නුඹය
සක්මන් කරමි අත ගෙන එන්නේ නුඹය
ගත ළඟ නැතත් සිත හා වාසය නුඹය
පලමු පෝස්ට් එකනේ.. ඔහොම යමු ඔහොම යමු.
ReplyDelete