දෙවමින සවන් මදු විත තෙපලු බසිනා
සකොබව කුලය ගෙන දුන් මල වරු වැරිනා
පැහැයෙන් දුලද රුව සොඳ කල කිඩාරම
ලං වූ කලට වැටහෙයි දුගදෙහි තරම
රත දිදුලතත් පුෂ්පයෙ දකිනා සැවොම
අලයෙහි රස විඳුම දෙයි අවසන් සුසුම
සූ සැට රියන් දිග විජ්ජා යෂ්ටියට
එක ගුරුකමකි බල බිඳිනුව නියමකොට
නොනමෙනු එකෙක් හුයේ මහන්තත්තයට
ලියනෙමි සියළු ඔබ හිත සුව කරනකොට