1 October 2013

නුඹ උරුමයෙ තේජස බල පුතාණෝ

තෝපා දුඹුටුලු එරබදු ......... වැවාණෝ
එක් කළ හෙලේ මහ පැරකුම් . රජාණෝ
සැදුවේ මහා පැරකුම් වැව් ..... රජාණෝ
ලක් මව සරු කළේ ඒ දිය ...... කඳාණෝ

නුඹ මගෙ මවට දෙන හැම හැම දිය බින්දා
නිඵලව නිරද නොරැගනු වස් බිම .... රන්දා
කෙත් වතු හේන් සරු කර ඵල පොදි . බන්දා
පර දේසයොත් ලක සහලෙහි රස .... වින්දා

5 August 2013

අමරදෙවන්ගේ රසික ප්‍රණාම ගීතය

පද්මශ්‍රි පණ්ඩිත් ආචාර්ය අමරදේව ගාන්ධර්වයානෙනි, ජාතිය නැලවූ ජාතිය සුවපත් කළ ජාතික හරය ජාත්‍යන්තරය ඉදිරියේ සම්මානනීය බුහුමනට පාත්‍ර කල සුභාවිත සංගීතයේ පියාණෙනි, 

ඔබ විඳින ඒ සිසිල 
මතු කරවු බිඳු කඳුල 
මා නෙතේ අග රැඳුනෙ ඔබ නිසයි 
ඒ කඳුල මට දෙවන 
නොහිම් වූ අනඳ සන 
මා විඳින පින සදා ඔබටමයි 
- සකල සහෘදයන් වෙනුවෙන් කලාබර කිවි 




24 July 2013

සරාසර

සසදරක් කළු අහස නැගුණිය අහස් තලයම සුදු         උනා 
දැසමනක් වන රොදක පිපුනිය සුවඳ දස අත      පැතිරුනා 
එලි වැටක් සදැසීයක රැකුණිය ගීතවත් රස මතු         උනා 
මුවහයක් හෙමි හෙමින් අරුනිය තිසරු සිසිටත්  බැබලුණා 

තාරකා මල් වට්ටියක් නැත අසිරි සිසි දුල නොවේ නම් 
ගායනා විහඟුන් සුපුන් විය කෝකිලා තුඩ සැලේ  නම් 
වාසනා මල් පිපී ඵල නැත ඔබ පහස මට නොවේ  නම් 
මානසා විල සධුව මන ලොල් සරාසර යුග සුවේ   නම්

8 July 2013

හද වෙනෙහි සත් සර

කඳු ගටියකට සපැමිණි නිල් දිය ........ කඳට
දිය ඇල්ලක්ව කඩා හැලෙන්නට ....... බිමට
වැට කොටු නොබැඳ බලනු මැනවි දුරක සිට
යුග නෙත් යුග යුගක් උතුරයි ........ සයුරකට

රිය සක කැරකි කැරකී එන මේ පාරේ
කප් සුවහසක් දුර ගෙවු රූ සිරු නෑරේ
දිය දද බඳින්නට සතුටින් මේ .. වාරේ
පින් මදි වීද අද සිටු ගෙයි සිර .. බාරේ

මිණි බඳුනකද මැටි බඳුනකද රන් .. රසය
තිර බව පුවතරයි රන් රසයෙහි .... ගුණය
මැටි බඳුනකද රන් සුණ සුනරුත්  පැණය
දුට මැණ මිණි බඳුන මතු වන පෙළහැරය

සොමි සිසිලසින් යුග යුග කෙල ... දිලීයන්
රිවි අළු නොවී ගිනි කබලක් ... නොවීයන්
රන් මිණි පිනැති පුරුක් වැලක් . ගෙතීයන්
සිත් පිරි පොහොසතුන් මෙදියත නැගීයන්