24 July 2013

සරාසර

සසදරක් කළු අහස නැගුණිය අහස් තලයම සුදු         උනා 
දැසමනක් වන රොදක පිපුනිය සුවඳ දස අත      පැතිරුනා 
එලි වැටක් සදැසීයක රැකුණිය ගීතවත් රස මතු         උනා 
මුවහයක් හෙමි හෙමින් අරුනිය තිසරු සිසිටත්  බැබලුණා 

තාරකා මල් වට්ටියක් නැත අසිරි සිසි දුල නොවේ නම් 
ගායනා විහඟුන් සුපුන් විය කෝකිලා තුඩ සැලේ  නම් 
වාසනා මල් පිපී ඵල නැත ඔබ පහස මට නොවේ  නම් 
මානසා විල සධුව මන ලොල් සරාසර යුග සුවේ   නම්

0 කවි හිතට දිරි දුන් අදහස්:

Post a Comment