1 October 2013

නුඹ උරුමයෙ තේජස බල පුතාණෝ

තෝපා දුඹුටුලු එරබදු ......... වැවාණෝ
එක් කළ හෙලේ මහ පැරකුම් . රජාණෝ
සැදුවේ මහා පැරකුම් වැව් ..... රජාණෝ
ලක් මව සරු කළේ ඒ දිය ...... කඳාණෝ

නුඹ මගෙ මවට දෙන හැම හැම දිය බින්දා
නිඵලව නිරද නොරැගනු වස් බිම .... රන්දා
කෙත් වතු හේන් සරු කර ඵල පොදි . බන්දා
පර දේසයොත් ලක සහලෙහි රස .... වින්දා