30 April 2018

අමාවකත් එළියයි නුඹ ළඟ ඇති දා


හීතල කකා නිරැවත් මගෙ උඩු .... සිරැර
වැතිරී නිදන පැල මත අද නැත ... පැදුර
වියලී ඉරැනු පොල් අතු වියමන් ... අතර
එබිකම් කරන තරැ පවසන බස ... කවර

පසලොස්වකට තණ බිස්සේ රටා ............ මැවූ
යස සිත්තරා සොයමින් පිනි පහස .......... සෙවූ
කෝමල දෙපා අද පිය නොනගනා .......... බැවූ
හෝදිසි වෙලා වද කළුවර  එලිය .......... නොවූ

අදින් දෙතුන් දොහකින් ඉර ......... බහිනකොට
යකඩ යකා විට මහ දුරක ..................... සිට
නාවත් නුඹේ සකි සිත්තරැ ගැඹර .............. පිට
අළු මද නොවෙයි රෑටත් තරැ මිතුර ............ මට

1 April 2018

දෙරණට මිණක් වූ මල සිත පිළිසිඳුනේ

නිදහස් බඹර තුඩ ගුවනෙහි සරණ .... සඳ
සුවහස් වනින් සුවඳින් යුතු කුසුම් ... සොඳ 
පවහස් බඹර තුඩ සනහන සේම ....... හිඳ 
මනසැස් ලොලී බඹරිඳු සිල් සෑම ........ සිඳ 

ඒ බෝ මලෙක පැණි බී පමණට මි ........ ලොල් 
ඒ කිසි මලෙක බිඟු සර නොහරිති කිසි .... කල් 
සර හැරී කලට බිඟු බර වෙති වෙත එම ... මල් 
බර දැරි ණය ගෙවනු අකමැති බිඟු කිසි ... කල් 

එක මිණි මලක් වෙත බිඟු තුඩ බැඳෙනු ... දැනේ 
ඒ සොඳ මලින් බිඟු රඳවන සුවඳ ........... දැනේ 
බිඟු මල හැර නොයයි බිඟු වෙත මල .... බැඳුනේ 
දෙරණට මිණ වු මල බිඟු සිත ........ පිළිසිඳුනේ